Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2020 23:30:23 Hours

213 වන බලසේනාවේ භටපිරිස් වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් සුභසාධන ව්‍යාපෘති කිහිපයක් දියත් කරයි

වන්නි කලාපයේ දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන්ගේ සෞඛ්‍ය, ආර්ථික හා සමාජ මට්ටම වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රතිලාභ රැසක් ලබාදීමේ බහුවිධ සුභසාධන ව්‍යාපෘතින් කිහිපයක් එම ප්‍රදේශවල සේවය කරන රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතන සහ පරිත්‍යාගශීලීන් සමඟ එක්ව වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් දියත් කරන ලදී.

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් දියත් කරනු ලබන තවත් එක් සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස 213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රසික කුමාර ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (9) දින පම්පෙමඩු, මහවිලච්චිය ප්‍රදේශයේ සිවිල් වැසියන්ට ඇස් කණ්නාඩි සහ සිල් ඇඳුම් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

දෘෂ්‍යාබාධ සහිත සිවිල් වැසියන් 130 කට අධික පිරිසක් අක්‍ෂි පරීක්‍ෂාවන් සඳහා යොමු කිරීමෙන් පසු නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදුන් අතර ඒ සඳහා ‘විෂන් කෙයාර්' අනුරාධපුර ශාඛාව පහසුකම් සපයා ඇත. එම අවස්ථාවේදී, පම්පේමඩුව සහ මහවිලච්චිය යන ප්‍රදේශවල සෑම මසකම නිතිපතා ‘සිල්’ සමාදන් වන තෝරාගත් වැඩිහිටියන් 75 කට අධික පිරිසකට ‘සිල්’ ඇඳුම් ප්‍රදානය කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහනට ලලනි ලියනගේ මහත්මිය, නන්දලාල් මලගොඩ මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රවීණ නිළි සුවිනීතා වීරසිංහ මහත්මිය අනුග්‍රහය දැක්වූහ. 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර ජයපතිරණ ගේ පෞද්ගලික සම්බන්ධතා මගින් සමස්ත ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරන ලදී.

එම සුභසාධන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි සහභාගී වූහ.

තවද, මෙම අවස්ථාව සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර ජයපතිරණ, නන්දලාල් මලල්ගොඩ, ඔහුගේ බිරිඳ වන ප්‍රවීණ නිළි සුවිනීතා වීරසිංහ මහත්මිය, ලලනි ලියනගේ මහත්මිය, ‘විෂන් කේයාර්’ අනුරාධපුර ශාඛාවේ කළමනාකරු රංජිත් සුමින්ද මහතා, 212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස්, 213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රසික කුමාර, රාජ්‍ය ආයතනවල නියෝජිතයින්, ප්‍රතිලාභීන්ගේ පවුලේ සාමාජිකයන් සහ පම්පේමඩුව ගම්වාසීන් සහභාගි වූහ. Running sports | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite