14th November 2023 22:01:29 Hours
වැලිඔය ප්‍රදේශයේ ස්ථාපිත 211 පාබල බලසේනාවේ අභිමානවත් 39 වන සංවත්සර දිනය වෙනුවෙන් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන්. කඳනආරච්චි ආර්එස්පී ගේ උපදෙස් මත පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 11) දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.
සංවත්සර උත්සවයට සමගාමීව එම බලසේනාවේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 07) දින රුවන්වැලි මහසෑ පුදබිම වෙත සපැමිණි බැතිමතුන් 1000 කට අධික පිරිසක් වෙනුවෙන් කිරිබත් දන්සැලක් පැවැත්වීය.
සංවත්සර දිනය යෙදී තිබූ පසුගිය සෙනසුරාදා (11) දින භටපිරිස් විසින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එම බලසේනාවේ බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ.
සංවත්සර දිනය සනිටුහන් කරමින් එතුමන් කාර්යාල පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව එම බලසේනාවේ කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූප කිහිපයක් සඳහාද පෙනීයේය. අනතුරුව, පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගී විය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එදින සන්ධ්‍යාවේ සංගීත ප්‍රසංගයක්ද පැවැත්වීය.
උත්සව අවස්ථාව සඳහා 211 පාබල බලසේනාවේ සියලු නිලධාරීන් සහ සෙසුනිලයන්, එම බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් සහ සේවා බලඝණ භාර නිලධාරීන් ද සහභාගී වූහ.