Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th August 2019 19:04:43 Hours

21 වන සේනාංක මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරයි

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරණ ගේ උපදෙස් මත පුස්තකාලයක්, කරණවෑම්හලක්, රූපලාවන්‍යාගාරයක්, ඇඳුම් මහන ස්ථානයක් සහ පාවහන් මහන ස්ථානයකින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයක් 21 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීමට පියවර ගන්නා ලදී.

ඒ අනුව, අභිනවයෙන් ඉදිකරනු ලැබූ ගොඩනැගිලි සංකීර්ණය පසුගිය ජූලි මස 28 වන දින 21 වන සේනාකංයේ සේනාංකාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරනු ලැබීය. මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා 212 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම සේනාංකයේ භටපිරිස් ශ්‍රමදායකත්වය ලබාදුන්හ.

21 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම ගොඩනැගිලි සංකීර්ණය 21 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මුලිකත්වයේ ප්‍රතිඵලයක් ලෙස එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි කරන ලදී. url clone | NIKE RUNNING SALE