Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th August 2019 17:21:53 Hours

21 වන සේනාංකය සහ 213 බලසේනාවේ යුද්ධ හමුදා සමාජිකයින් විසින් අඩුආදායම්ලාභි පවුල් දිරිගන්වයි

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ දැනට ක්‍රියාත්මක වන හමුදා සහ පොදු ජනතාව අතර ඇති සහයෝගීතා ව්‍යාපෘතිය යටතේ අඩුආදායම්ලාභි පවුල් වල ජිවන තත්ත්වය නංවාලීම සහ උපකාර කිරිම අරමුණු කරගනිමින් ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින තන්තිරිමලේ සහ පරන්ගියවාඩිය ගම්මානවල තවත් පවුල් පහක් සඳහා සහය වීමට 21 වන සේනාංක මුලස්ථානය සහ 213 බලසේනා මුලස්ථානය විසින් පියවරගනු ලැබීය.

21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරන ගේ ආශිර්වාදය ඇතිව 21 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම වටිනා අරමුණ වෙනුවෙන් තමන්ගේම මුදල් පරිත්‍යාගයෙන් තන්තිරිමලේ ප්‍රදේශයේ ළමුන් සිටින දිළිඳු පවුල් හතරක් තෝරාගෙන ඔවුන්ගේ පෝෂණය සඳහා වියළි සලාක පැකට් පරිත්‍යාග කරන ලදි.

මේ අතර, 213 බලසේනා මුලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වඩු වැඩ වලින් ජීවත්වන තවත් එක් අඩුආදායම්ලාභි පවුලක් වෙනුවෙන් උපකාර කිරිම සඳහා නව විදුලියෙන් ක්‍රියාත්මක කරන වඩුකාර්මික යන්ත්‍රයක් පරිත්‍යාග කළ අතර එමගින් ඔවුන්ට අඩු පිරිවැයක් යොදා වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට හැකිවන අතර පවුලේ සාමාජිකයින් මුහුණ දුන් දුෂ්කරතාවයන් සහ ආර්ථික තත්ත්වයද මඟහැරේ. Buy Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp