Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2021 16:40:58 Hours

21 වන සේනාංකයේ 33 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

අනුරාධපුර, රණසේවාපුර පිහිටි 21 වන සේනාංකයේ 33 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත පසුගිය අඟහරුවාදා (06) දින අභිමානවත් අයුරින් සමරන ලදී.

සේනාංක මුලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපති වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව සංවත්සර වැඩසටහන ආරම්භ විය.

කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ සේනාංකාධිපතිතුමන් භටපිරිස් ඇමතීමෙන් අනතුරුව සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. ඉන් අනතුරුව, පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයට ද එතුමන් එක්වූයේය.

සංවත්සර දිනයට පෙර, එම සේනාංකයේ භටපිරිස් සාලියපුර පිහිටි ‘මිත්‍ර’ ළමා නිවාසයේ සිටින විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා ආහාරපාන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදුන්හ.

සංවත්සර වැඩසටහනට එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. latest Running Sneakers | Women's Nike Superrep