Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th August 2019 22:38:05 Hours

21 වන සේනාංකයේ මූලිකත්වයෙන් ‘රූපලාවණ්‍ය’ වැඩමුළුවක්

21 වන සේනාංක බලප්‍රදේශයේ යුද්ධ හමුදා පවුල්වල කාන්තාවන් සහ කාන්තා සෙබළියන් මෙන්ම අනුරාධපුරයේ පදිංචි සිවිල් වැසියන්ට ‘රූපලාවණ්‍ය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය ජූලි මස 28 දින පවත්වන ලදී.

මෙම වැඩමුළුවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙමින් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක වන සුරංගි කොඩිතුවක්කු මහත්මිය විසින් දේශන පවත්වනු ලැබීය.

මීට අමතරව, මෙම වැඩමුළුව සඳහා සහභාගී වූ සියළු දෙනාට ඕෆ් මාර්ක්ස් පුද්ගලික සමාගමේ (Off Marks PVT Ltd) අනුග්‍රහය ඇතිව රූපලාවණ්‍ය ඇසුරුම් කට්ටලයක් පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරණ සහභාගි විය.

තවද, මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 21 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි අනෙකුත් නිලධාරීන් ද සහභාගි වූහ. Mysneakers | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth