Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2020 14:55:16 Hours

21 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරී අරඹයි

අනුරාධපුර, ගල්කුලම, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් එච්.එල්.වී.එම්. ලියනගේ ඉකුත් සදුදා (2) දින පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කරනු ලැබීය.

අනුරාධපුර, ගල්කුලම ‘රණසේවාපුර’ 21 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපති වෙත හමුදා සම්ප්රදායානූකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. අනතුරුව එතුමන් ආගමික වතාවත් මධ්යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි ආරම්භ සනිටුහන් කරනු ලැබීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව සේනාංකාධිපතිතුමන් මූලස්ථාන පරිශ්රයේ අඹ පැළයක් රෝපණය කළ අතර ඉන් අනතුරුව සේනාංකාධිපති විසින් 21 වන සේනාංකයේ සියළු නිලයන් අමතමින් එම සේනාංකයේ කාර්යභාරය හා එතුමන්ගේ ඉදිරි දැක්ම පිළිබඳ කරුණු පැහැදිලි කළේය.

මෙම අවස්ථාව සඳහා 21 වන සේනාංකය යටතේ ඇති බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. 21 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් කුමා ජයපතිරන ආරක්ෂක මාණ්ඩලික ප්රධානී කාර්යාලයේ අධ්යක්ෂ ජෙනරාල් ප්රධාන මාණ්ඩලික ලෙස රාජකාරී සිදුකිරීම සඳහා පසුගියදා මෙම තනතුර නව සේනාංකාධිපතිතුමන් වෙත භාරදීම් සිදුකරන ලදී. buy footwear | youth nike kd low tops orange , Nike Air Max , Iicf