Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th November 2023 10:31:34 Hours

20 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සමනලවත්ත නිපෝන් බෞද්ධ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරයි

මීගස්තැන්න, සමනලවත්ත නිපෝන් බෞද්ධ විහාරස්ථානයේ තීන්ත ආලේප කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 612 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 20 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ඉංජිනේරු සහයෝගය ලබාදුන්හ.

නිපෝන් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ උපදෙස් මත 2023 නොවැම්බර් මස 1 දින සිට 20 දින දක්වා කාලය තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි. මෙම වැඩසටහනේ අධීක්‍ෂණ කටයුතු 612 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 20 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන් විසින් සිදුකරනු ලැබූහ.