Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th November 2023 20:26:50 Hours

2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ නව රණවිරු ස්මාරකය විවෘත කෙරේ

වව්නියාව, ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ රණවිරු ස්මාරකය නොවැම්බර් මස 05 දින විවෘත කරනු ලැබීය.

2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ආර්.එම්.කේ.බී. රත්නායක ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සම්ප්‍රාප්තියෙන් පසුව නව රණවිරු ස්මාරකය අභියසදී ආගමික වතාවත්වල නිරතවිය. අනතුරුව නව රණවිරු ස්මාරකය නිරාවරණය කිරීමෙන් අනතුරුව රණ බෙර වාදනය කර, හිරු නැගෙනා මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වාදනය කරන යුද්ධ හමුදා බියුගල් නාදය වාදනය කිරීමෙන් අනතුරුව මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් 134 දෙනෙකු වෙනුවෙන් ගෞරවාචාර පුදකරනු ලැබීය.

උත්සව අවස්ථාව සඳහා 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පි යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, 213 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී. මාපලගම පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ දිවංගත රණවිරුවන් 134 දෙනෙකුගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වූහ.