07th November 2023 20:05:38 Hours
පුනරින්, ජයපුරම් ප්‍රදේශයේ ස්ථාපිත 2 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 03) දින එම ඒකකයේ 33 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරූහ.
සංවත්සර දිනය වෙනුවෙන් කඳවුරු පිරිශ්‍රය වෙත සපැමිණි 2 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාතුමන් වෙත එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූ අතර, අනතුරුව එතුමන් සංවත්සර දිනය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබීය.
සියළු නිල තේ පැන් සංග්‍රහයකින් පසුව උත්සවයේ කටයුතු අවසන් වූ අතර, උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු සහභාගී වූහ.