10th December 2023 18:55:42 Hours
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් මස 7 දින නුවරඑළිය - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදී මාර්ගයට වැටී තිබූ පස් කන්දක් ඉවත් කිරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කඩිනමින් පියවර ගනු ලැබීය.
පොලිස් නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහයෝගය මත යුද්ධ හමුදා භටපිරිස් පැය කිහිපයක් ඇතුළත එම පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු සිදුකර මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කරනු ලැබීය.