Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2023 10:07:48 Hours

17 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් පොල් පැළ බෙදාදීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 17 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් දෙවන පොල් ත්‍රිකෝණය නිර්මාණය කිරීම සඳහා සිය දායකත්වය ලබාදෙමින් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින පෙරියකාඩු ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ ගොවීන් අතර පොල් පැළ 1000 ක් බෙදාදුන්හ.

ග්‍රාම නිලධාරීන්ගේ නිර්දේශය මත පොල් සංවර්ධන මණ්ඩලය සහ වන්නි ප්‍රදේශයේ ශාඛා කාර්යාලය මගින් ලබාදුන් මෙම පොල් පැළ 17 ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේදී ප්‍රතිලාභීන් වෙත බෙදාදෙනු ලැබිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 562 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එම්.එස්.ජේ. තෙන්නකෝන් ආර්එස්පී සහභාගී විය.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 17 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් එච්.එම්.ජේ. ප්‍රේමතිලක ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.