Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th December 2023 18:15:13 Hours

17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 9 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරයි

17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 9 වන සංවත්සර දිනය 2023 නොවැම්බර් මස 11 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව සහ සංවත්සර දිනයට සමගාමීව ප්‍රජා මූලික ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරමින් සමරනු ලැබීය.

සංවත්සර දිනයේදී දියතලාව, මැණික්කන්ද ප්‍රදේශයේ ස්ථාපිත එම ඒකක මූලස්ථානය වෙත සපැමිණි අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඊ.ඒ.ඩී.පී. එදිරිසිංහ වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. අනතුරුව, එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.

සංවත්සර දිනයට ප්‍රථම පිරිත් සජ්ඣායනයක්, ධර්ම දේශනාවක් ඇතුළු ආගමික අංගයන් පැවැත්වූ අතර ‘ශ්‍රමදාන’ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලැබීය. එමෙන්ම, එම ප්‍රදේශයේ පිහිටි දේවස්ථාන සහ කෝවිල් පරිශ්‍රයන්හිදි ආගමික වතාවත් පවත්වා ආශිර්වාද ලබාගන්නා ලදී. මෙම සංවත්සර සැමරුමට සමගාමීව ක්‍රිකට් තරඟයක් සහ තවත් ක්‍රීඩා ඉසව් කිහිපයක් ද සංවිධානය කර තිබිණි.

සංවත්සර සැමරුම් උත්සව අවස්ථාව සඳහා නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්වරුන් ද සහභාගී වූහ.