Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th August 2022 17:02:28 Hours

16 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් පුත්තලම ප්‍රදේශයේ ඇතිවූ ලැව් ගින්නක් මැඩපවත්වයි

පුත්තලම දිස්ත්‍රික්කයේ, සිරම්බිඅඩිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පසුගිය සඳුදා (8) දින ඇතිවූ ලැවු ගින්නක් පිළිබඳව සැලවු වහාම යුහුසුළුව ක්‍රියාත්මක වු ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 143 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත 16 වන ගජබා රෙජිමේන්තුවේ 20 දෙනෙකුගෙන් සමනිවත භටපිරිසක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ භටපිරිසක් එක්ව කඩිනමින් එම ස්ථානයට ගොස් ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ද ඇතිව කඩිනමින් ක්‍රියාත්මක වී ප්‍රදේශය පුරා සීඝ්‍රයෙන් පැතිරයමින් පැවති ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.

පැය කිහිපයක් ඇතුළත ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට භටපිරිස් සමත් වූ අතර, ගින්නෙන් සම්පූර්ණ ඉඩමේ අක්කර 15 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුවී ඇත.