Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2023 09:30:51 Hours

16 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පෙර පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ

14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 143 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 ගජබා රෙජිමේන්තු භටපිරිස් සම්බන්ධීකරණයෙන් කරුවලගස්වැව, මයිලන්කුලම් ‘රන්මුතු පෙර පාසලේ’ ළමුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය බදාදා (දෙසැම්බර් මස 13) දින පවත්වන ලදී.

16 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ ඉල්ලීමකට අනුව තිෂාන් රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ මූල්‍යමය පරිත්‍යාගයෙන් ළමුන් 18 දෙනෙකු සඳහා රු:180,000.00 කට වැඩි වටිනාකමකින් යුත් පොත්පත්, ලිපි ද්‍රව්‍ය, පාසල් බෑග් ඇතුලු අධ්‍යාපනික උපකරණ පරිත්‍යාග කරන ලදී.

උත්සව අවස්ථාව සදහා 143 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 16 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් සහභාගි වූ අතර, එහිදී පෙර පාසල් දරුවෙකු විසින් මෙම පරිත්‍යාග වැඩසටහන වෙනුවෙන් යුද්ධ හමුදාවට ස්තුතිය පුද කළේය.