24th November 2023 06:01:10 Hours
පුත්තලම ප්‍රදේශයේ වන වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පුත්තලම වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂතුමන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 143 පාබල බලසේනාවට අයත් 16 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එම ඒකකයේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය මත පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කල්අඩි ප්‍රදේශයේ මාර්ගය දෙපස කරඳ පැළ 400 ක් රෝපණය කරනු ලැබීය.
14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 143 බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් හා 16 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්.ඒ.ඩී.පී ජයරත්න යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම රුක්රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.