27th December 2023 20:08:40 Hours
15 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ 31 වන සංවත්සරය දිනය දෙසැම්බර් මස 25 දින ආගමික වතාවත් සහ යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් එම මුලස්ථානයේ දී සමරන ලදී.
15 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිළධාරී මේජර් එස්.එම්.සී සමරසිංහගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද සංවත්සර උත්සවය සදහා නාග විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල හිමියන් පැවැත් වූ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා ඒකකයේ භටපිරිස් සහභාගි වූහ.
15 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හට පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 24 ) දින සංඝික දානය පිළිගන්වන ලදී. එසේම සංවත්සර දිනයේදී අණදෙන නිළධාරී වෙත හමුදා සම්ප්‍රදායනුකූලව සම්මාන මුරයේ උත්තමාචාරය පුද කරන ලදී.