Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2020 22:04:43 Hours

141 වන බලසේනාවේ නව බලසේනා‍ධිපති රාජකාරි අරඹයි

වේයන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත 141 වන බලසේනා මුලස්ථානයේ 9 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ කර්නල් සී.එස් මුණසිංහ ඉකුත් සඳුදා (06) දින එම බලසේනා මුලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.

නව බලසේනාධිපතිතුමන් ආගමික වතාමත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය කාර්යාලයේදී නව ධූරයේ රාජකාරී භාරගන්නා ලදී.

ඉන් අනතුරුව භට පිරිස් ඇමතූ එතුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිළයින් රැසක් සහභාගි වුහ. Running sports | Nike - Shoes & Sportswear Clothing