Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2024 17:12:11 Hours

14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 16 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

මරදාන, ට්‍රිපෝලි හි ස්ථාපිත 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 16 වන සංවත්සර දිනය වෙනුවෙන් එම ඒකකයේ භටපිරිස් 2024 ජනවාරි මස 06 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.

14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත මෙම සැමරුම් උත්සවය සංවිධානය කෙරිණි.