Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th July 2019 23:01:04 Hours

13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් ගර්භණීය කාන්තාවන්ට පෝෂදායි ආහාර පාර්සල් තොගයක් බෙදාදෙයි

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් අඩු ආදායම්ලාභී පවුල්වල ගර්භනී කාන්තාවන්ගේ මානුෂීය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉකුත් සෙනසුරාදා (27) දින රුපියල් 2000 / = ක වටිනාකමින් යුත් පෝෂ්‍යදායි ආහාර ඇතුලත් වියළි සලාක පාර්සල් තොගයක් බෙදාදෙනු ලැබීය.

මෙම ආහාර පාර්සල් තොගය මුතියන්කඩ්ඩුකුලම් එල්.බී හන්දිය අසල සංවිධානය කර තිබූ උත්සවයකදී, එම ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ගර්භනී කාන්තාවන්ට බෙදාදීමට කටයුතු කරන ලදී.

යුද්ධ හමුදාව සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර සුහදතාවය සහ සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් ධාන්‍ය වර්ග, පරිප්පු, සහල්, සැමන්, කිරිපිටි සහ අනෙකුත් පෝෂ්‍යදායි ආහාර අඩංගු පාර්සල් තොගය 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩි.සී.කේ. කොස්තා ඇතුළු 643 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී ගේ සහභාගීත්වයෙන් පැවැති උත්සවයකදී බෙදාදෙනු ලැබීය.

අඩු ආදායම්ලාභී පවුල්වල ගර්භනී කාන්තාවන්ට පවත්නා ආර්ථික දුෂ්කරතාව සැලකිල්ලට ගනිමින්, 13 වන ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස්හි මූල්‍යමය දායකත්වය ඇතිව මිලදී ගත් වියළි සලාක පාර්සල් තොගය මෙලෙස පසුගියදා බෙදාදීමට කටයුතු කරන ලදී. affiliate link trace | Marki