Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2020 08:06:40 Hours

121 වන බලසේනා මුලස්ථානයේ 6 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා මුලස්ථානයේ 6 වන සංවත්සරය ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සර දිනයේ, 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.සී. සෝමවීර වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් 18 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් පිරිනමන ලදී.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ බලසේනාධිපතිතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට සහ දිවා භෝජන සංග්‍රහයකට සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, බලසේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Nike shoes | UK Trainer News & Releases