Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th January 2024 15:06:12 Hours

12 ශ්‍රී ලංකා සංඥා බලකාය 7 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත 12 ශ්‍රී ලංකා සංඥා බලකායේ 7 වන සංවත්සර දිනය වෙනුවෙන් එම ඒකකයේ අණදෙන නිලධාරී කර්නල් ඩබ්ලිව්. ආර්.එම්.ආර් වික්‍රමසිංහ යුඑස්පී ගේ උපදෙස් මත පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 25) දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සව මාලාවක් පැවැත් වූහ.

උත්සවයේ කටයුතු ආරම්භ කරමින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එම ඒකකයේ අණදෙන නිළධාරීතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ බලඇණි ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකරන ලදී. අනතුරුව එතුමන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරමින් රට වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිකරමින් ඔවුන් වෙත ගෞරවාචාර පුදකරනු ලැබීය.

ඒකකයට හා භටපිරිස් වෙනුවෙන් ආශිර්වාද එක්කරමින් බෝධි පූජා පිංකමක් ද පවත්වන ලදී.

සැමරුම් උත්සවය අලංකාරවත් කරමින් භටපිරිස් අතර සුහද ක්‍රිකට් තරගාවලියක් පවැත්වූ අතර, අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.

සංවත්සර උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.