Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th November 2016 18:56:27 Hours

12 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයෙහි රාජකාරි අරඹයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ආර්.ඒ. නූගේරා බදාදා (02) දින හම්බන්තොට පිහිටි එම මුලස්ථාන පරිශ්‍රයේ පැවති චාම් උත්සවයක දී සිය ධූරයෙහි රාජකාරි භාර ගනු ලැබීය.

12 වන සේනාංක පරිශ්‍රයේ දී එම සේනාංක භට පිරිස් විසින් නව සේනාංකාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි.

ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණවලට අත්සන් තබමින් මේජර් ජෙනරාල් ආර්.ඒ. නූගේරා විසින් නව තනතුරේ රාජකාරි භාර ගැනීම සිදු කෙරිනි.

ඉන් අනතුරුව සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟින් අදහස් හුවමාරු කර ගන්නා ලදි.

මෙම අවස්ථාව සඳහා 12 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.

Buy Kicks | Trending