19th January 2024 15:22:43 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත හම්බන්තොට, 12 පාබල සේනාංකයට අනුයුක්තව රාජකාරි සිදුකරනු ලබන යුද්ධ හමුදා බුද්ධි අංශ භටපිරිස්ගෙන් ලද තොරතුරකට අනුව එම භටපිරිස් සහ ගෝනගංආර පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව යාල, සුගන්දිපුරම් ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 1500 ක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ගංජා සියල්ලම එම ස්ථානයේදීම විනාශ කර ඇති අතර, සැකකරුවන් සන්තකයේ පැවති දේශීයව නිෂ්පාදිත ගිනි අවියක් ද ගෝනගංආර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.