Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th January 2024 17:30:09 Hours

11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 17 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ 17 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පසුගිය ඉරිදා (ජනවාරි මස 07) දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සංවත්සර සැමරුම් උත්සවයක් පැවැත්විණි.

සංවත්සර සැමරුමට සමගාමීව ආගමික වතාවත් සඳහා මුල්තැනක් දෙමින් බෝධි පූජාවක්, දානමය පිංකමක් සහ සෙල්වසන්දි කෝවිල් පරිශ්‍රයේදී පූජාවක් පැවැත්වූ අතර ඒකක පරිශ්‍රයේදී වොලිබෝල් තරඟාවලියක් ද පැවැත්විණි. සංවත්සර දිනයේදී අණදෙන නිලධාරිතුමන් වෙත කඳවුරු මුරයක් සහ ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකළහ.

මෙම උත්සව අවස්ථාව සඳහා එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.