Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th July 2019 22:02:23 Hours

11 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරී අරඹයි

11 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ගැමුණු හේවා බලඇණියේ මේජර් ජෙනරාල් වසන්ත සේනාරත්න ආගමික වතාවත් මධ්‍යයේ පසුගිය අඟහරුවාදා (09) දින එම සේනාංක මුලස්ථානයේ දී සිය ධූරයේ රාජකාරි අරඹන ලදී.

කුණ්ඩසාලේ පිහිටි සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයන්හී අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරීන් ආරම්භකරන ලදී. පසුව එතුමන් විසින් මෙම අවස්ථාව සංකේතවත් කරමින් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ. ඉන් අනතුරුව එම සේනාංක මූලස්ථානයේ සියළු භටපිරිස් ඇමතු නව සේනාංකාධිපතිතුමන් භටපිරිස් විසින් සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා එම සේනාංක මූලස්ථානය යටතේ ඇති බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, සේනාංකයන්හී මාණ්ඩලික නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. Sport media | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf