21st November 2023 20:48:06 Hours
11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18 ) දින දඹුල්ල, කිරලගොල්ලේ පිහිටි 4 ශ්රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්රය වෙත ප්රථම නිල සංචාරය සිදුකරනු ලැබීය.
කඳවුරු පරිශ්රය වෙත සපැමිණි එතුමන් 4 ශ්රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එම ඒකකයේ අණදෙන නිළධාරීතුමන් විසින් ඒකකයේ වත්මන් කාර්යභාරය සහ වගකීම් පිළිබඳව දැනුවත් කරන ලදී.
ක්ෂේත්ර සංචාරය අතරතුර 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ ඒකක අණදෙන නිළධාරිතුමන් කඳවුරු පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් භටපිරිස් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත් අතර, අනතුරුව සියලු භටපිරිස් අමතනු ලැබීය.
සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් ඒකකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, කඳවුරු පරිශ්රයෙන් නික්ම යාමට ප්රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.
4 ශ්රී ලංකා පාබල රෙජිමේන්තුවේ ක්ෂේත්ර සංචාරයෙන් අනතුරුව, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 4 ශ්රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරිතුමන් සමඟින් බෝවතැන්න ජල විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.