Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2024 16:41:03 Hours

11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29) දින 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.

ඒකක මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරීතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම ඒකකයේ කාර්යභාරය පිළිබඳ එතුමන් දැනුවත් කළේය. පසුව, මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

භටපිරිස් ආමන්ත්‍රණයෙන් අනතුරුව එතුමන්, 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා බලප්‍රදේශයේ පිහිටි වික්ටෝරියාව, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලවිදුලි බලාගාරයන්හි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.