Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2020 19:40:41 Hours

“ස්වයං නිරෝධායනයට භාජනය විය යුත්තේ නිරෝධායන කටයුතු සම්පූර්ණ කල පූද්ගලයා පමණක් බවත්, ඔහුගේ පවුලේ සාමාජිකයින් නොවන බවත්” කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී පවසයි

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (05) දින පස්වරුවේ එම මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.

මෙහිදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය අදහස් දක්වමින් “යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් 03 දෙනෙකුත්, නාවික හමුදාව විසින් පාලනය කරනු ලබන බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් 11 දෙනෙකුත්, ගුවන් හමුදාව විසින් පාලනය කරනු ලබන මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 203 දෙනෙකුත් ඇතුළු 217 දෙනෙකු නිවෙස්බලා පිටත් කර යවනු ලැබූවා. මෙසේ නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා යන සියලුදෙනාට දින 14 ක් නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස අප මීට පෙර දැනුම් දී තිබුණා. යම් යම් පාර්ශව නිවසේ සියලුදෙනාම නිරෝධායනයට ලක් විය යුතු බව උපදෙස් ලබාදී තිබෙනවා. එහෙත් නිවසේ සියලුදෙනා නිරෝධායනයට ලක් නොවිය යුතු බවත් අදාළ අයවළුන් පමණක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බවත් අප දැනුම් දෙනවා. අද වනවිට ත්‍රිවිධ හමුදාවන් යටතේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධානය වී පුද්ගලයින් 3386 දෙනෙකු නිවස් බලා පිටත්ව ගොස් තිබෙනවා. එසේම, හෙට (07) දිනයෙත් දින 14 ක නිරෝධායන කටයුතු අවසන් කර තවත් කණ්ඩායමක් නිවස් බලා පිටත්ව යාමට නියමිතව ඇති බව” පැවසීය.

“ඒ අනුව, දැනට පවත්වාගෙන යනු ලබන නිරෝධාන මධ්‍යස්ථාන 40 න් මධ්‍යස්ථාන 03 ක් ගුවන් හමුදාව මගින් ද එක් මධ්‍යස්ථානයක් නාවික හමුදාව මගින් ද අනෙක් මධ්‍යස්ථාන 36 යුද්ධ හමුදාව විසින් ද පාලනය වනු ඇත. මෙම නිරෝධායන මධ්‍යස්ථාන තුළ මේ වනවිට පුද්ගලයින් 1287 දෙනෙකු තවදුරටත් නිරෝධායන ක්‍රියාවලියේ යොදවමින් සිටියි. ඊයේ (05) දිනයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් අනුව, කොවිඩ් - 19 උවදුර මැඩලිමට පත්කරන ලද කමිටු සාමාජිකයින් කිහිපදෙනෙකුගේ සහ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික කමිටුවේ සාමාජිකයින්, ආයුර්වේද වෛද්‍යවරුන්, දේශීය හෙළ වෛද්‍යවරුන්, නිළ වෙදකම හා හෝමියෝපති යන අංශයන්ගෙන් සමන්විත ආයුර්වේද ක්ෂේත්‍රයේ ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් 50 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා. මෙහි මුලික අරමුණ වුණේ දේශීය වෛද්‍ය ක්‍රම උපයෝගී කරගෙන කොවිඩ් - 19 වෛරසය මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබැලිමයි. ඒ අනුව, ඔවුන් මේ වනවිටත් යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් කර තිබෙන බව” ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය. spy offers | Sneakers