Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2020 14:25:46 Hours

“බදු ගෙවන්නන් වෙතින් ලබන්නා වූ සෑම සතයක් සඳහාම යුක්තිය ඉටුකළ යුතුය” බලසේනාධිපතිවරුන් අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2020 සිට 2025 වර්ෂය දක්වා ඉදිරි මාවත සකස් කිරීමේ’ වැඩපිළිවලේ කොටසක් ලෙස තෙදිනක් පුරා පැවැතිවීමට නියමිත ‘බලසේනාධිපතිවරුන් පුහුණු කිරීමේ වැඩමුළුව’ අද (24) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරම්භ කෙරිණි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමාරම්භක දේශනය සිදුකරමින් මෙම අවස්ථාවට සහභාගි වූ බලසේනාධිපතිවරුන් 73 දෙනා වෙත මෙම සංකල්පයෙහි හරයන් සහ කටයුතු කිරීමේ සිදුකළ යුතු උපදෙස් මාලාවක් ඉදිරිපත් කරනු ලැබීනි. මෙම වැඩමුළුව බලසේනාධිපතිවරුන්ගේ අණ හා මාණ්ඩලික හැකියාවන් වඩාත් විධිමත් කිරීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ මෙහෙයුම් හා පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ දැනුම හා අවබෝධය වැඩිදියුණු කිරීම ආදී අරමුණු රැසකින් යුතුව පවත්වනු ලැබීනි.

ගෝලීය වශයෙන් භූමියේ විවිධ හා සංකීර්ණ තර්ජන සමඟ ආරක්‍ෂක ක්‍රියාවලින් නවීකරණය කිරීමට ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2020 සිට 2025 වර්ෂය දක්වා ඉදිරි මාවත සකස් කිරීම’ පිළිබඳ පවත්වන සැසි සඳහා දිරිගැන්වීමක් ලබාදෙමින් කීර්තිමත් ශ්‍රී ලාංකීක උපායමාර්ගිකයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරීයෙකු මෙන්ම විධායක පුහුණුකරුවෙකු වන ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහතා තෙවන වරටත් පැවැත්වෙන මෙම සැසිවාරයට නායකත්වය ලබාදෙයි.

කොවිඩ් - 19 වෛරසය සම්ප්‍රේෂණයවීම වැළැක්වීම සඳහා නිසි වේලාව තුළ ගත් නිවැරදි තීරණ වෙනුවෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය දේශනයේදී රටේ විනයගරුක ජනතාවට, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ට, ගරු අග්‍රාමාත්‍යතුමන් හට සහ ශ්‍රී ලංකා රජය වෙත සුබ පැතුම් එක් කළේය. මෙම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වෙහෙස නොබලා එක්වූ ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් හටද ප්‍රශංසා කළේය. යුද්ධ හමුදාවේ සියලුම නිලයින් මෙන්ම අපගේ සහෝදර හමුදාවන් දෙක ද මෙම කාර්යයට දිවා රෑ නොබලා දායක වූහ.

“කොවිඩ් -19 වෛරසය පැතීරිම පාලනය කිරීමේ වගකීම ත්‍රිවිධ හමුදාවට භාරදුන් විට, එය මොවුන් හට කළ හැකිද යන ආකාරයකින් බොහෝ දෙනෙකු බලා සිටි අතර ඔවුන්ට සැබවින්ම එය සැක සහිත වූහ. නමුත් අපේ සහෝදර හමුදාවන් අප සමඟ එක්ව ඔප්පු කළේ එම කාර්යය ඉටු කිරීමට අපට හැකියාව ඇති බවයි. තවද, මේ රටේ ජනතාවට නිවැරදි පණිවිඩ ලබාදීමෙන් මාධ්‍ය විසින් විශේෂයෙන් ලබාදුන් සහයෝගයට ස්තුතිවන්ත විය යුතුයි.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් සිය දේශනයේදී පැවසීය.

“අතිගරු ජනාධිපතිතුමන් හිටපු යුද්ධ හමුදා නිලධාරියෙකු ලෙස ජාතිය ගොඩනැගිමෙහි ධෛර්යයෙන් යුතුව සේවය කරනු ලබන අතර වර්තමාන ආරක්‍ෂක ලේකම්වරයා අපේ ජාතිය නැවත ගොඩනැඟීමේ දැවැන්ත කර්තව්‍යය භාරගැනීම සඳහා ආරක්‍ෂක අංශ කෙරෙහිත්, විශේෂයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෙරෙහිත් දැඩි විශ්වාසයක් තබා ඇත. අතිගරු ජනාධිපතිතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන් හිටපු යුද්ධ හමුදා නිලධාරීන් පමණක් නොව ඔවුන් යුදබිමේ සටන් කොට ඔවුන්ගේ නායකත්වය ඔප්පු කළ විශිෂ්ට නායකයින්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සැබෑම මහත්වරුන් ලෙස දැක්විය යුතුමයි. මෙම සංවිධානය වැඩිදියුණු කිරීම සඳහා ඔවුන් හැකි සෑම මට්ටමකින්ම සහයෝගය ලබාදෙයි. එබැවින්, අපගේ උපරිම ශක්තිය යොදවමින් ජාතියට සේවය සැපයීම අත්‍යවශ්‍ය වේ.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් සිය දේශනයේදී වැඩිදුරටත් අවධාරණය කළේය.

“අපි මානව ප්‍රාග්ධනය සහිත විශාලතම සංවිධානය ලෙස හැදින්විය හැකිය. මෙහෙයුම් හා පරිපාලනමය කටයුතුවලට උපරිම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සියලුදෙනා ඵලදායී ලෙස කළමනාකරණය කිරීම ඉතා භාරදුර කාර්යයකි.” යනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය දේශනයේදී පැවසීය. best shoes | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD