Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2020 21:21:11 Hours

“අපිව විශ්වාස කරන්න, නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවූවන් වෙනුවෙන් අපි අපේ උපරිමයෙන් අවශ්‍ය කටයුතු කරනවා” - ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි

(විශේෂ මාධ්‍ය නිවේදනය)

“ඇතැමුන් පවසන කටකතා හෝ අසත්‍ය ප්‍රකාශ පිළිබඳ කිසිවකු විශ්වාසය නොතැබිය යුතුයි. එය ඇතැම් විට සම්පූර්ණයෙන්ම අසත්‍ය හා නොමඟ යවන සමාජ මාධ්‍යවල ප්‍රචාරයන් විය හැක. ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඔබ ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහි ඔබගේ පූර්ණ විශ්වාසය තැබිය යුතුය. අපි බොරු නොකියමු, යුද්ධ හමුදාව මෙම කාරණය සම්බන්ධයෙන් කිසිවක් සඟවන්නේ නැත” යනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (12) දින සන්ධ්‍යාවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනු ලැබීය.

“අපි යුද්ධයක් ජයග්‍රහණය කර මහජනතාවගේ පූර්ණ විශ්වාසය දිනාගත් හමුදාවක්. අප විසින් සිදු කරනු ලබන නිරෝධායන ගැටළු සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට, තොරතුරු රැස් කිරීමට හෝ සාකච්ඡා කිරීමට අවැසි ඕනෑම කෙනෙකුට 0113090502 හෝ 113 දුරකථන මාර්ග ඔස්සේ අප සම්බන්ධ කරගැනීමේ හැකියාව ඇත. යුද්ධ හමුදාව නවීකරණය කරන ලද නිරෝධායන මධ්‍යස්ථාන තුළ එම රැදවූවන් ප්‍රණීත ආහාර ලබාදීමට කටයුතු කර ඇත. අපි වනාන්තරවල, ගස්, ගල් යට නිදා ගැනීමට පුරුදුව සිටි හමුදාවක්. කැලෑ මෙහෙයුම් වලදීවත් අප ප්ලාස්ටික් බෝතල් අඩක් කපා අපි තේ හෝ කෝපි පානය නොකළෙමු. කැලෑ මෙහෙයුම්වලදී අපට ඒ සඳහා සම්මත ක්‍රමයක් තිබෙනවා” යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවූවන් පැවසූ ආකාරයට යුද්ධ හමුදාව අඩක් කපන ලද ප්ලාස්ටික් බෝතල්වල තේ දුන් බව සමාජ මාධ්‍ය සටහනක් මගින් පෙන්වා දී තිබේ. මිනිසුන්ගේ සැගවූණු යටි අරමුණු හා සමාජ මාධ්‍ය ජාලාවල පලවන නිවේදන නිසා මිනිසුන් නොමඟ යාමේ අවධානමක් ඇතිවී තිබෙන හෙයින් මෙම තත්ත්වයන්ට නිසි දඩුවම් ලබාදිය යුතු අතර එම ක්‍රියාකාරකම් හෙලා දැකිය යුතුයි. මෙම පුද්ගලයා දින 12 ක් වැනි කෙටි කාලයක් තුළදී කිසිදු ආසාදනයකින් තොරව ඔහුගේ නිවසට යාමට අපි කටයුුතු සුදානම් කරන අතර ඔහු කළ ක්‍රියාව සම්බන්ධයෙන් අප අනුකම්පා කරන්නේමු.”

“නිරන්තරයෙන් අප හා සම්බන්ධ වන අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි මෙම නිරෝධායන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නෙමු. එම රැඳවියන්ගෙන් ඕනෑම අයෙකුට යම් අසාධාරණයක් සිදුවී ඇතැයි හැඟේනම් ඕනෑම අයෙකුට අපව දැනුවත් කිරීමට හෝ අපව සම්බන්ධ කරගැනිමේ හැකියාව ඇත. ඔබගේ ගැටළු විසඳීමට අපි අපේ උපරිමය කරන්නෙමු. ඔවුන් සියලු දෙනා තේරුම් ගත යුතු දෙයනම් මිලියන 22 ක් පමණ වූ සමස්ත ශ්‍රී ලංකීක ජනතාවකගේ ජීවිත අනතුරේ හෙළීමකින් තොරව යුද්ධ හමුදාව මගින් සිදු කරන සේවාවක් බවයි. නිරෝධායනය සිදු නොකළහොත් එය සමාජයේ සෙසු අයට තර්ජනයක් විය හැකිය. ඔබ රඳවාගෙන සිටින සියල්ලන්ම කිසිසේත්ම වෛරස් ආසාදිත රෝගීන් නොවේ. එසේ රෝගී වූ පුද්ගලයෙක් මේ වනතෙක් හඳුනාගෙන නැත” යනුවෙන් එතුමන් ප්‍රකාශ කළේය.

“ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් රටේ භාරකරුවන් වන බව අප නැවත නැවතත් ප්‍රකාශ කරන්නේ නායයෑම්, ගංවතුර හෝ වෙනත් හදිසි අවස්ථාවකදී මෙන්ම ජාතික ආපදාවන්හිදී මැදිහත් වූ පළමු තැනැත්තා අප බව ඔබ මතක තබා ගත යුතුය. ඇතැම් විට, කලක් විදේශගතව සිටි අය මේ දේවල් නොදැන සිටිය හැකිය. ත්‍රිවිධ හමුදාවන්හී නිරෝධායන ක්‍රියා පිළිවෙත් හා වෛද්‍ය ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති පිරිස් බලය මෙන්ම වෘත්තීය විශේෂඥතාවයද ඇත. මෙවැනි තත්ත්වයන් සඳහා අප කල්තියා සූදානම්ව සිටි බැවින් ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි අපි ඒ වෙනුවෙන් ඉදිරිපත් වුනෙමු” යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පැවසීය. (නිමාව) short url link | Men's Sneakers