30th January 2018 16:38:45 Hours
දෙමළ ජනතාවගෙන් 100% කට ආසන්න පමණ පිරිසක් වර්තමානයේ යුද්ධ හමුදා සාමාජිකයින් සමග සුහදව සම්බන්ධතා පවත්වා ගෙන යන බව ‘වෙනස’ සඟරාව (දෙසැම්බර් 15 - ජනවාරි 15) සමඟ පැවති පුළුල් සම්මුඛ සාකච්ඡාවක දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසීය. මානුෂිය මෙහෙයුම පැවති වකවානුවේදී යුද්ධ හමුදාව පිලිබඳව දමිළ ජනතාව අතර තිබු ප්‍රසාදය මේ අනුව ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව එම මාධ්‍ය සාකච්ඡාවේදී යුද්ධ හමුදාධිපති තුමන් තවදුරටත් පැවසීය. යුද්ධ හමුදාධිපති සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් දැක්වූ අදහස් සංෂිප්තව පහතින් දැක්වේ.
“ඉතාම සුළු බැහැර සිද්ධීන් කිහිපයක් හැරුණු කොට යුද හමුදාව ඔවුන්ගේ විනය ඉතාම ඉහළ මට්ටමක පවත්වාගෙන යනවා. ඊළාම් දෘෂ්ටිවාදය තවමත් නොනැසී පවත්නා අතර, අපි සන්නද්ධ හමුදා සාමාජිකයන් ලෙස සෑම අවස්ථාවකදීම නිරීක්ෂණයට ලක් නොවී පවත්වා ගෙන යනවා. එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට හසුකර සිටි ලක්ෂ සංඛ්‍යාත දමිළ ජනතාව ඔවුන්ගෙන් මිදී ආරක්ෂාව පතා හමුදාව වෙත පැමිණියේ අප කෙරෙහි ඇති විශ්වාසය නිසයි. එතැන් පටන් ඔවුන් නැවත පදිංචි කිරීමේ යාන්ත්‍රණය දක්වා රජයට අවශ්‍ය සහයෝගය ලබාදුන් ප්‍රධානම මෙවලම වූයේ හමුදාවයි. අප ඒ දේ කලේ නීතින් දෙකකට යටත්වයි. එනම් හමුදා නීතියට හා රටේ සාමාන්‍ය නිතීයට යටත්වයි. යුද්ධ හමුදාවේ කිසියම් සාමාජිකයෙකු වරදක් කරලා තිබෙනවා නම් එම වරදට දඩුවම් කර තිබෙනවා. එසේම ලෝකයේ ඕනෑම යුද්ධ හමුදාවක් තුල එවැනි දෑ සිදුවිය හැකිය.”
“කිසියම් යුද්ධ හමුදාව සම්බන්ධ කරගනිමින් කෙරෙන සියළුම නඩු පැවරීම් හා නීති කටයුතු සඳහා යුද්ධ හමුදාව සෑම විටම සම්පූර්ණ සහයෝගය ලබාදී තිබෙනවා. එසේ නමුත් කිසියම් හෝ අදාල විමර්ශන කටයුත්තක් වේගයෙන් ඉදිරියට ගෙනයාමට නොහැකිවීම සබැඳිව යුද්ධ හමුදාවට වගකීමක් ගැනීමට නොහැකිය. කරුණු එසේ හෙයින් කිසිවෙකුට යුද්ධ හමුදාව නඩු සබැඳි කටයුතු වලදී සහයෝගය ලබා නොදෙන්නේ යැයි පැවසීම පදනම් විරහිතයි. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ ගැටුම් කාලසීමාවේදි යුද්ධ හමුදාව විසින් ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කරන ලද සිවිල් වැසියන්ට අයත් දේපල, ඉඩම් 76% ප්‍රමාණයක් මේ වන විටත් නිදහස් කර අවසන්. තවද, යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කර ඇති පස් අවුරුදු දිගුකාලීන නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉතිරි සියළු ඉඩම් නිදහස් කරන තෙක් එම ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.”
“මම යාපනය අර්ධද්වීපයේ ආඥාපති වශයෙන් සිටියදී සාමාන්‍ය ජනතාව සතු ඉඩම් වලින් 86% ක් බාර දුන්නා. එහෙම කරන්න හේතුව තමයි අද වන විට සාමය ස්ථාපිතව පැවතීම. අද ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ. එවැනි තර්ජනයක් ඇති වුවහොත් ඊට මැදිහත් වන්නට සිදුවන්නේ යුද, ගුවන් හා නාවික හමුදාව ඇතුළු පොලිසිය හා අනෙකුත් ආරක්ෂක අංශ වලටයි. ඒ නිසා සිටිය යුතු ස්ථාන මොනවාද කියන එක අප තමයි තීරණය කරන්නේ. එයිනුත් වැඩිපුරම ප්‍රමාණයක් තිබෙන්නේ රජයේ ඉඩම්, පුද්ගලික ඉඩම් ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි අපි පරිහරණය කරන්නේ.”
“ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය සඳහා යුද හමුදාව දැන් සම්පූර්ණයෙන්ම කැපවී කටයුතු කරන අතර, වඩාත් සමීපතම සේවා සපයන්නා ලෙස යහපත් සබඳතා සහ ප්‍රවර්ධන කටයුතු කිරීමත්, අනාගතයේදීත් ජාතික කාර්යභාරයන් සඳහා කැපවී සහයෝගය ලබාදීමට අප ක්‍රියා කරනවා. ඇතැම් පිරිස් වෙතින් එසේ එල්ල වන සාවද්‍ය විවේචන මධ්‍යයේ වුවද අප ස්වාභාවික විපත්, ව්‍යවසන ආදි හදිසි අවස්ථා වලදී යුහුසුළුව ක්‍රියාත්මක වෙමින් සහන සලසමින් අප යුද්ධ හමුදා සාමාජිකයින් සහ යුද්ධ හමුදාව හැකියාවෙන් පරිපූර්ණ පිරිසක් සහ ආයතනයක් බවට පත්කරලීමේ ක්‍රියාදාමයක නිරතවී සිටී.”
සම්පූර්ණ සම්මුඛ පරීක්ෂණය පහත පරිදි වේ.
latest jordans | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5