Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd August 2020 07:30:19 Hours

‘Raffle Draw - 2020’ ‘සිංහ මේලා’ ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයින් රැසක්

මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපරදුවට තබා සටන්වැද රණදෙරනේදී තුවාල ලැබ විවිධ ආබාධයන්ට ලක් වූ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘Raffle Draw - 2020’ ‘සිංහ මේලා’ ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහන අප්‍රේල් මස 3 සිට 5 දින දක්වා වූ කාලසීමාව තුළ වරකාපොල පොදු ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබුණද රට තුළ කොවිඩ් - 19 වෛරසය පැතිර යාමත් සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එය අවලංගු කිරීමට සිදුවිය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ‘සිංහ මේලා අධ්‍යාපනික, වෙළඳ සහ සංගීත සැනකෙළිය’ ලොතරැයි දිනුම් ඇදීම ඉකුත් සිකුරාදා (31) දින බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ ප්‍රධානත්වයෙන් අඹේපුස්සේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.

මෙම ලොතරැයි දිනුම් ඇදීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සපැමිණි සුසිලා කෝට්ටගේ මහත්මිය සහ රහල් බුලත්සිංහල මහතා විසින් මෙම අවස්ථාව වර්ණවත් කරමින් හාස්‍යජනක අංගයක් ඉදිරිපත් කරමින් රැස්ව සිටි පිරිස කුල්මත් කළ අතර ඉන් අනතුරුව, අනෙකුත් ආරාධිතයින් විසින් කුසපත් ඇද ලොතරැයි ජයග්‍රාහකයින් තෝරාගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී වූ අතර මෙම අවස්ථාව වෙනුවෙන් වරකාපොල සහ මීරිගම ඇතුළු ප්‍රදේශවල ප්‍රදේශවාසීන් ද සහභාගී වූහ. ලොතරැයිපත් දිනුම් ඇදීමේ ජයග්‍රාහකයින් පිළිබඳ විස්තරය පහතින් දැක්වේ:

පළමු ත්‍යාගය - බජාජ් ඩිස්කවරි 125 UGC යතුරුපැදිය

ලොතරැයි අංක - 13974

දෙවන ත්‍යාගය - LG අඟල් 55 UHD රූපවාහිණිය

ලොතරැයි අංක - 8331

තෙවන ත්‍යාගය - LG ශීතකරණය

ලොතරැයි අංක - 3673

සැනසිලි ත්‍යාග - සැම්සන්ග් ටැබ්

ලොතරැයි අංක - 65450

ලොතරැයි අංක - 16302

ලොතරැයි අංක - 9117

ලොතරැයි අංක - 64788

ලොතරැයි අංක - 14765

ලොතරැයි අංක - 4237 bridge media | Nike Shoes