19th December 2023 22:20:44 Hours
ත්‍රිවිධ හමුදාවේ සහ දීපව්‍යාප්ත ධාවන පැදි තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සහ ධාවකයින්ගේ සංගමය (SLARDAR) විසින් සංවිධානය කරන ලද ‘Katukurunda Circuit Meet - 2023’ මෝටර් රථ ධාවන පැදි තරඟාවලිය දෙසැම්බර් මස 12,16 සහ 17 යන දිනයන්හිදී කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්විණි.
තරඟාවලියේදී Sports Turing 600 cc සහ SM - Super Motard 250/450 cc open ඉසව්වල පළමු සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් බී.අයි මධුරංග සමත් විය.