Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2020 15:02:33 Hours

‘Jaffna Got Talent’ තරඟාවලියේ අවසන් මහා තරඟයට තරඟකරුවන් තෝරාගැනේ

‘Jaffna Got Talent’ තරඟාවලියේ ගායන හා නර්තන තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ ඉකුත් අඟහරුවාදා (10) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම තරඟාවලියේ පැවැති අවසන් පූර්ව වටයේ තරඟයේදී තරඟකරුවන් 20 දෙනෙකු (ගායන හා නර්තන 10 බැගින්) විශේෂඥ විනිසුරු මණ්ඩුල්ල සහ විශාල ප්රේක්ෂක පිරිසක් ඉදිරියේ සිය දක්ෂතා ඉදිරිපත් කළ අතර එම තරඟකරුවන් අතරින් අවසන් මහා තරඟයට ගායන හා නර්තන අංශයෙන් තරඟකරුවන් පස්දෙනා බැගින් තෝරා ගන්නා ලදී.

අවසන් පූර්ව වටයේ තරඟ දැකබලා ගැනීම සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති, 51, 52 හා 55 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම තරඟකරුවන්ගේ දෙමාපියන් සහ ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් සහභාගි වූහ. මෙහිදී, අවසන් මහා තරඟයට සුදුසුකම් නොලබා අවසන් පූර්ව වටයෙන් ඉවත්වූ තරඟකරුවන් 10 දෙනා ඇගයුමට ලක් කරමින් සහතිකපත් සහ සම්මාන ප්‍රදානය කරනු ලැබීනි. Nike air jordan Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092