Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd July 2017 11:41:25 Hours

‘හයිලැන්ඩර් කුසලාන’ ගොල්ෆ් තරඟාවලිය දියතලාවේ දී

යුද්ධ හමුදා පුහුණු අණසක(ARTRAC), යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුව සහ ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය (SLGU) එක්ව සංවිධානය කළ හයිලැන්ඩර් කුසලාන ගොල්ෆ් තරඟාවලිය, 2017 ජූලි මස 01 (සෙනසුරාදා) දින දියතලාව පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨ ගොල්ෆ් පිටියේ දී පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයට නව එකතුවක් ලෙස යුද්ධ හමුදාධිපති ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් නන්ද හතුරුසිංහ ගේ මුලිකත්වයෙන් මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී.

මෙම විවෘත තරඟාවලිය සඳහා දිවයිනේ ප්‍රවීණ ගොල්ෆ් ක්‍රීඩකයින් 88 දෙනෙකු සහ යුද්ධ හමුදා ගොල්ෆ් ක්‍රීඩකයින් සහභාගි වූ අතර සමස්ත ශුරතාවය ප්‍රවීණ ගොල්ෆ් ක්‍රීඩක රෝහාන් ද සිල්වා මහතා විසින් හිමි කර ගනු ලැබීය.

තරඟාවලිය අවසානයේ දියතලාව යුද්ධ හමුදා විද්‍යාපිඨ නිලධාරි නිවස්නයේ පැවති ත්‍යාග ප්‍රදානොත්සවයේ දී තරඟකරුවන් 14 දෙනෙකු සඳහා කුසලාන පිරිනැමූහ.

නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ද, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති, යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජාතික මට්ටමේ ගොල්ෆ් ක්‍රීඩකයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

buy footwear | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4