Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th December 2016 12:28:26 Hours

‘සටන් කිරීමට හා සතුරන් පැරදවීමට වඩා වැඩි යමක් යුද හමුදාවට ඇති බව’ යුද හමුදාපති පවසයි

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අද (07) උදෑසන ‘ භූමිය හමුදාවන්ගේ විකාශනය හා ඉදිරි අභියෝග’ යන තේමාව යටතේ සපුගස්කන්ද පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පැවති වාර්ෂික සමුළුව අමතන ලදි.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් උදය පෙරේරා වෙනුවෙන් නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ආර්. ධර්මසිරි විසින් යුද හමුදාපතිතුමා පිළිගනිමින් සමුළුව ඇමතීම සඳහා එතුමා වෙත ආරාධනා කරන ලදි.

මෙහිදී ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සභාව අමතමින් භූමියේ හමුදාවන් එක් රැස් වීම මගින් හමුදාවන්ට අවශ්‍ය අවි ආයුධ පතොරම් අත්පත් කර ගැනීම සිදු කළ යුතු බවත් පැවසූ අතර, එමෙන්ම ඔහු විසින් ඓතිහාසික අපේක්ෂාවන් යුද පිටියන් හි නව සොයා ගැනීම්, අවි ආයුධ එකතු කර ගැනීම, මහා පරිමාණ යුද උපකරණ නිෂ්පාදනය, ත්‍රස්තවාදී බලපෑම් හා ප්‍රහාර, ඉක්මවා විහිදෙන බැදීම් සහ අනාගත ප්‍රවණතා පිළිබඳවද විස්තර කරනු ලැබීය.

මෙහිදි යුද හමුදාපතිතුමා විසින් පවත්වන ලද කතාවේ වැදගත් කරුණු පහතින් දැක්වේ ;

“යුද හමුදාව ශ්‍රි ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන අතර, අනෙකුත් හමුදාවන් ඒ සඳහා සහයෝගය ලබාදෙයි. යුද හමුදාව මෙහිදි ප්‍රධාන වශයෙන් මව්බිමේහි සතුරන් පරාජය කිරීමට දායක වූහ.

තවද, යුද හමුදාව සටන් කිරීම සහ සතුරන් පරාජය කිරීමටත් වඩා හමුදාමය අරමුණු සාමය ගොඩනැංවිම සඳහා යොදා ගැනීමට පරිවර්තනය විය යුතුය. එමෙන්ම යුද හමුදාවට සංකීර්ණ මෙහෙයුම් පරිසරයක් සමඟින් ගැටිමෙන් වැඩිවන අනතුරුදායක බලපෑම් මැඩපැවැත්වීමට හැකියාව සහ ධාරිතාවයක් තිබිය යුතුයි. එමෙන්ම යුද හමුදා සේවයේ කැපවීම මඟින් ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවත් තුල නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සේම විශේෂ ස්ථානයක් සනිටුහන් කරගෙන ඇත. එසේවුවත්, කාලය සහ තාක්ෂණය වෙනස් වී ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලික මෙහෙවර මඟින් එහි කාර්යයන් ඉටු කිරීම සිදු වනු ඇත.

“මුලින්ම, ශ්‍රී ලංකා යුද හමුදාවට භූමි සටන් හැකියාවන් වලකනු හා වැළැක්වීමට හැකි විය යුතුය. දෙවනුව, යුද හමුදා අනෙක් සහෝදර සේවා සමඟින් සහයෝගයෙන් මෙහෙයුම් සිදු කිරීමට හැකි විය යුතුය.

තෙවනුව, යුද හමුදාව විසින් සිවිල් බලධාරීන් වෙත අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම හා ජාතිය ගොඩනැඟීම සඳහා ඕනෑම අවස්ථාවක කැපවීමෙන් ක්‍රියා කළ යුතුය.

හතරවනුව, යුද හමුදාව එක්සත් ජාතීන්ගේ සාම හමුදාවන් සඳහා දායකත්වය ලබාදීමටත්, අවසාන වශයෙන් අවශ්‍ය වූ විට දී මිත්‍ර විදේශීය රාජ්‍යයන්හි ආපදා සහන මෙහෙයුම් සඳහා ආධාර සැපයීමටත් සුදානම් වී සිටිය යුතුය.

එමෙන්ම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අනාගතයේ දී හමුදාවන්හි ක්‍රියාකාරකම් පිළිබඳව සමුළුව අමතමින් තවදුරටත් පෙන්වා දෙන ලදි.

අනාගතයේ දී බොහෝ ගැටුම් ඇතිවිමේ දී උප-සාම්පදායික, සාම්ප්‍රදායික නොවන හා අඩු තීවුරතා ගැටුම් යන තේමාවන් භාවිතා වේ. මෙය ලෝකය පූරා පෙන්නුම් කෙරෙන සාධකයකි. එමෙන්ම, යුද ගැටුම් තුල ඇතිවන වෙනස්කම් පිළිබඳව භුමිය හමුදාවන් විසින් කාර්යභාරයක් ඉටුකල යුතුය. තවද, යුද හමුදාව ජාතීයෙහි වඩාත්ම ඵලදායී භාරකරුවන් බවට පත්වන බව ඔහු විසින් පෙන්වා දෙන ලදි.

එම කතාව අවසානයේ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක වෙනුවෙන් නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ආර්. ධර්මසිරි විසින් ප්‍රධාන දේශකයා වෙත ඔහුගේ එම දායකත්වය අගයනු වස් සංකේතාත්මකව සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

මෙම සමුළුවේ දී හමුදා ප්‍රධානීන්ගේ දේශන සැසි යටතේ එම දේශනය යුද හමුදාපතිතුමා විසින් පැවැත් වූ අතර, නාවික හමුදාපති සහ ගුවන් හමුදාපතිවරුන් මීට පෙර දී දේශන පවත්වන ලදි. තවද, මෙම සම්මන්ත්‍රණය සඳහා පීඨ සාමාජිකයින් 36 ක් ඇතුලු සහභාගි වන්නන් 162 ක් සහභාගි වූහ. ඉදිරි දින දෙක තුල දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වැනි හමුදා ප්‍රධානින් ද මෙම සමුළුව ඇමතීමට නියමිතය.

Running sports | Nike Shoes, Clothing & Accessories