Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th January 2016 14:28:06 Hours

‘ශාරීරික ප්‍ර‍වර්ධන සතිය’ වෙනුවෙන් බටහිර හා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන දායක වේ

ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවිධායකත්වයෙන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන ‘ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍ර‍වර්ධන සතිය’ වෙනුවෙන් බ්‍ර‍හස්පතින්දා (28) දින බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය ද තම මුලස්ථාන පරිශ්‍රයේ දී ශාරීරික සුවතා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. යුද හමුදාපතිතුමාගේ උපදෙස් පරිදි දිවයින පුරා පිහිටුවා ඇති යුද හමුදා මධ්‍යස්ථානවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍ර‍තිඵලයක් ලෙස බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණයෙන් මෙම ශාරීරික සුවතා වැඩසටහන පැවැත්විනි. මේජර් ජෙනරාල් රණසිංහ සමඟින් එම මූලස්ථානයට අයත් නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ අතර, ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවිධායකත්වයෙන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන ‘ක්‍රීඩා සහ ශාරීරික සෞඛ්‍ය ප්‍ර‍වර්ධන සතිය’ නිමිත්තෙන් බ්‍ර‍හස්පතින්දා (28) දින කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ අධීක්ෂණය යටතේ තම මුලස්ථාන පරිශ්‍රයේ දී ශාරීරික සුවතා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. එම වැඩසටහන ආරම්භ කරමින් 57 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබූ පා ගමන සදහා රාජ්‍ය නිළධාරීන්, ප්‍රදේශයේ රෝහල්වල සහ තරුණ සංවිධානවල සාමාජිකයින් 750 දෙනෙකු සහභාගි වූහ. එමෙන්ම සුහදත්වය වර්ධනය කිරීමේ අදටනින් 65 සහ 66 සේනාංක මෙන්ම කිළිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙදෙහි සංවිධානයෙන් ක්‍රිකට්, වොලිබෝල් සහ පාපන්දු තරගාවලියක් පැවැත් වූ අතර, ඒ සදහා තිවිධ හමුදා, පොලිස් සහ ප්‍ර‍ජා සංවිධානවල බොහෝ පිරිස් සහභාගි වූහ. jordan release date | Nike Dunk - Collection - Sb-roscoff