Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd October 2017 08:45:51 Hours

‘ශ්‍රී පාදස්ථාන’ මාර්ගයට කඩා වැටුණු කුණු කන්දක් ඉවත් කිරීමට යුද්ධ හමුදා සහාය

නල්ලතන්නි ප්‍රදේශයේ සේවයේ නියුතු 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් ශ්‍රී පාදස්ථානයට යන මාර්ගයේ මහගිරි දඹ, වැලමිට වංගුව අසල දී ගතවු පැය 48 ක කාලයක් තුල කඩාවැටුණු කුණු කන්දක් ඉවත් කිරීම සඳහා සෙනසුරාදා (21) දින උදෑසන සිය සහයෝගය ලබාදෙනු ලැබීය.

මේ පිළිබඳ දැනුම්දිමෙන් අනතුරුව, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ උපදෙස් මත 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් කඩා වැටුණු කුණු කසල ඉවත් කොට මාර්ගය නැවත යථාතත්වයට පත්කිරිමේ කටයුතුවල මේ වන විට නිරතව සිටියි.

එම කටයුතුවල නිරතව සිටින භට පිරිස්වලට අමතරව 40 දෙනෙකුගෙන් සමන්විත භට පිරිස් කණ්ඩායමක් ඔවුන්ගේ සහාය සඳහා එම ප්‍රදේශයට යැවීමට ද නියමිතය.

Authentic Sneakers | Nike