Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2019 12:05:02 Hours

‘වන්නි නවෝත්පාදන ප්‍රදර්ශනය - 2019’ දී නව නිර්මාණ 36 ක් එළිදක්වයි

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සැඟවුණු දක්‍ෂතාවයන් හා නවෝත්පාදන හැකියාවන් ඔප්නංවමින් ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූන ‘වන්නි නවොත්පාදන ප්‍රදර්ශනය - 2019’ ජූලි මස 26 සහ 27 දෙදින පුරා පදවිය - පරාක්‍රමපුර මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙහිදි, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21, 54, 56, 61 සහ 62 සේනාංක මෙන්ම වන්නි ඉදිරි නඩත්තු පෙදෙස යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නව නිර්මාණ ‘නවෝත්පාදන ප්‍රදර්ශනය - 2019’ සඳහා ඉදිරිපත් කරන ලදී.

වන්නි භටපිරිස් ඔවුන්ගේ නිර්මාණාත්මක කුසලතා විදහා දක්වමින් ප්‍රදර්ශන කුටි 36 ක් එළිදැක්වූ මෙම ප්‍රදර්ශනය වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් විවෘත කරනු ලැබු අතර එම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ආඥාපති ඇතුළු සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන් සහභාගි වූහ.

මෙම නවෝත්පාදන ප්‍රදර්ශනයේ තේරීම් කමිටුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන ශාඛාවේ කර්නල් එස්.ඩි. උදයසේන, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පුබාලසුන්දරම් සහ යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පී. සෂිකේශ් යන මහත්වරුන් ඇතුළත් වූ අතර එහිදි, නවෝත්පාදන තරඟකරුවන් 36 දෙනෙකු අතරින් තෝරාගත් තිදෙනෙකු වෙත ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීය.

මෙම ප්‍රදර්ශනයේ ප්‍රථම ස්ථානය වායු බලශක්ති උත්පාදන යන්ත්‍රයක් නිර්මාණය කළ 2 වන ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ.ඩි. වීරසිංහ විසින් හිමිකරගත් අතර දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් වේග සංඥා පද්ධතියක් නිර්මාණය කළ 15 වන ගැමුණු හේවා බලඇණියේ ලාන්ස් කෝප්‍රල් යු.ජි.ඩබ්ලිව්.එන්. ජයතිලක සහ ස්වයංක්‍රීය වාහන පරීක්‍ෂා කිරීමේ යන්ත්‍රයක් නිර්මාණය කළ 14 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් එම්.ජි.පී.කේ. රත්නසිරි විසින් හිමිකරගත්හ.

මෙම දැවැන්ත ප්‍රදර්ශනය 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ.එම්.යු.ඩි. ජයසිංහ ගේ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලැබීය.

දෙදිනක් පුරා පැවැති මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු ඒකකයන් නියෝජනය කරමින් නිලධාරීන්, රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් සහ ප්‍රදේශයේ පාසල් සිසුන් මෙන්ම සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ. Authentic Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5