Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2016 19:35:18 Hours

‘යූත් යාත්‍රා – 2016’ සඳහා යුද හමුදාවේ සහය

පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානයෙහි 15 වන සංවත්සරය නිමිත්තෙන් ඉරිදා (7) දින යාපනය, මාතර සහ මහනුවර යන ප්‍රදේශයන් ආවරණය වන පරිදි සංවිධානය කරනු ලැබූ ‘යූත් යාත්‍රා – 2016’ සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් සහයෝගය ලබා දී ඇත. මෙහි පළමු අධියර සඳහා පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානයෙහි සාමාජිකයින් 25 දෙනෙකු සමගින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් සහභාගි වූ අතර, මයිලඩි සිට පේදුරු තුඩුව දක්වා ගමන් කළ එය යාල් යාත්‍රා -2016 ලෙස හදුන්වනු ලැබීය. මෙම වැඩසටහන අතරතුරදී සහභාගීවූවන් බයිසිකල් පදිමින් ගමන් කළ අතර, එය ඉතාමත්ම පරිසර හිතකාමී වාහනය ලෙස ජනතාව දැනුවත් කරන ලදී. මෙහිදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ අධීක්ෂණය යටතේ 55 වන සේනාංක භට පිරිස් විසින් මෙම පාගමන සඳහා සහභාගි වූවන් හට ආහාරපාන ආදිය ලබා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානයෙහි සභාපති කාංචනා වීරකෝන් මහත්මිය ඇතුළු යුද හමුදා භට පිරිස් 15 දෙනෙකු සහභාගි විය.Sports brands | Yeezy Boost 350 Trainers