Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd September 2019 14:37:56 Hours

‘යුද්ධ හමුදා නැගෙනහිර මළල ක්‍රීඩා තරඟාවලිය - 2019’ සාර්ථකව අවසන්

නැගෙනහිර ප්‍රදේශයේ සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින් අතර ක්‍රීඩා කෞෂල්‍යය ප්‍රදර්ශනය කිරීමට හා තරඟකාරිත්වයක් ඇති කිරීමේ අරමුණින් සංවිධානය කර තෙදිනක් පුරා පැවැති ‘යුද්ධ හමුදා නැගෙනහිර මළල ක්‍රීඩා තරඟාවලිය - 2019’ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (21) දින පැවැති වර්ණවත් උත්සවයකදී අවසන් විය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය, 22 වන සේනාංකය, 23 වන සේනාංකය, 24 වන සේනාංකය සහ නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් මෙම මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එහිදි වෘත්තීය මට්ටමින් ඔවුන් සතු ක්‍රීඩා කෞෂල්‍යයන් ප්‍රදර්ශනය කරනු ලැබීය.

මැරතන් ධාවන තරඟ, සහාය දිවීම, දුරපැනීම, උසපැනීම, වෙඩි තැබීම, හෙල්ල විසිකිරිම, කවපෙත්ත විසිකිරීම ඇතුළු ජවන හා පිටිය මළල ක්‍රීඩා ඉසව් 32 කින් සමන්විත වූ මෙම වාර්ෂික මළල ක්‍රීඩා තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මහත් උනන්දුවෙන් යුතුව සහභාගි වූහ. තරඟාවලියේ මූලික තරඟ පැවැත්වීමෙන් අනතුරුව තරඟකරුවන් අවසන් තරඟාවලියට සහභාගී වූහ.

තරඟාවලියේ අවසන් දිනයේ මීටර් 1500 පිරිමි අවසන් තරඟය, මීටර් 100 කාන්තා අවසන් තරඟය, මීටර් 100 පිරිමි අවසන් තරඟය, මීටර් 4 × 400 පිරිමි අවසන් තරඟය සහ සිවිල් සේවක මීටර් 100 තරඟය පැවැත්විණි. තවද, මෙම තරඟාවලියේ දී ආරාධිත පාසල් සහාය දිවීමේ තරඟාවලියක් මෙන්ම ආරක්‍ෂක සේවා මීටර් 400 x 4 සහාය දිවීමේ තරඟාවලියක් ද පැවැත්විණි. මෙහිදි අංගම්පොර පර්යේෂණ ආයතනය සහ පුහුණු මධ්‍යස්ථානය අංගම්පොර සටන්කරුවන් විසින් ඉදිරපත් කරනු ලැබූ සටන් කලා සංදර්ශනය නරඹන්නන් මවිතයට පත් කරන ලදි.

මෙම මළල ක්‍රීඩා උළලේ පැවති සමස්ත තරඟාවලින් අතුරින් 22 වන සේනාංක කණ්ඩායම ලකුණු 243 ක් ලබාගනිමින් ශූරතාවය හිමිකරගත් ලකුණු 161 ක් ලබාගත් 23 වන සේනාංක කණ්ඩායම තරඟාවලියේ අනුශූරතාවය හිමිකරගනු ලැබීය. තරඟාවලියේ දක්‍ෂතම මළල ක්‍රීඩකයාට හිමි සම්මානය 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් එස්.ටී.ජේ. ද සිල්වා විසින් හිමිකරගත් අතර දක්‍ෂතම මළල ක්‍රීඩිකාවට හිමි සම්මානය 2 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ආධුණික කාන්තා සෙබල ඊ.ජි.එස්.එච්. සෙනෙවිරත්න විසින් හිමිකරගත්හ.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන ක්‍රීඩා දින දර්ශනයේ වඩාත් සුවිශේෂී ඉසව්වන්ගෙන් එකක් ලෙස ‘නැගෙනහිර මළල ක්‍රීඩා තරඟාවලිය’ මීට වසර කිහිපයකට පෙර වැලිකන්දේ පිහිටි නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී ආරම්භ කරන ලද අතර නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ මඟපෙන්වීම මත මෙම මළල ක්‍රීඩා තරඟාවලිය නැගෙනහිර ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අතර මේ වනවිට ඉතා ජනප්‍රිය වී තිබේ.

මෙම මළල ක්‍රීඩා තරඟාවලියේ අවසන් තරඟ නැරඹීම සඳහා සියලුම සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසුනිලයින් සහ ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගි වූහ. Nike footwear | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals