Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th October 2020 09:42:00 Hours

‘යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි විස්ස’ ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්විණි

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කරනවා සේම ජන ජිවිතයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යමින් (Live with COVID-19), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව පැවැති ‘යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි විස්ස’ ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සෙනසුරාදා (17) දින සන්ධ්‍යාවේ දොඹගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඔක්තෝබර් මස 6 වන දින ආරම්භ වූ මෙම තරඟාවලියේ අවසන් මහා තරඟයට සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම සුදුසුකම් ලැබීය. යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව විසින් සංවිධානය කරන ලද ‘යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි විස්ස’ ක්‍රිකට් තරඟාවලිය සඳහා පානදුර ‘සුපර් ෆැෂන්ස්’ ආයතනයේ අනුග්‍රහය මත සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායම, ලංකා ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් හා ප්‍රීමා ආයතනයේ සම අනුග්‍රහකත්වයෙන් අසේල ගුණරත්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Eastern Warriors’ කණ්ඩායම, ඩිමෝ පුද්ගලික සමාගමේ අනුග්‍රහය දක්වන දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම සහ ආසියා පැසිෆික් තාක්‍ෂණ පද්ධති හා මෙල්බන් මෙටල් (පුද්) සමාගමේ සම අනුග්‍රහය දක්වන තිසර පෙරේරා ගේ නායකත්වයෙන් යුත් ‘Army Western Warriors’ කණ්ඩායම් සහභාගි වූහ.

සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම දොඹගොඩ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරඟයට තරඟවැදුණු අතර නිසි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව තරඟාවලියේ අවසන් මහා තරඟය අද දින පැවැත්විණි.

කරට කර උණුසුම් තරඟයකින් අනතුරුව, තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට ඩිමෝ පුද්ගලික සමාගමේ අනුග්‍රහය දක්වන දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම සමත්විය. ඒ අනුව, තරඟාවලියේ අනුශූරතාවය පානදුර ‘සුපර් ෆැෂන්ස්’ ආයතනයේ අනුග්‍රහය මත සීක්කූගේ ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායමට හිමිවිය. ‘Army Northern Warriors’ කණ්ඩායමේ නායක සීක්කූගේ ප්‍රසන්න තරඟාවලියේ වීරයා ලෙස තේරීපත්විය. හොඳම පන්දු යවන්නා ලෙස තිසර පෙරේරා තේරීපත්විය. තවද, අවසන් මහා තරඟයේ වීරයා ලෙස ‘Army Southern Warriors’ කණ්ඩායමේ සුමින්ද ලක්‍ෂාන් තේරිපත් වූ අතර තරඟාවලියේ හොඳම පිතිකරුවා ලෙස දිනේෂ් චන්දිමාල් තේරිපත්විය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. තවද, මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටු සභාපති මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක හා යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් රුවන් වනිගසුරිය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ උප සභාපති හා යුද්ධ හමුදා ක්‍රිකට් සම්බන්ධිකාරක බ්‍රිගේඩියර් ශිරාන් අබේසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

තරඟාවලිය අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා තරගාවලියේ ජයග්‍රාහකයන්ට සහ ප්‍රධාන අනුග්‍රාහකයන්ට කුසලාන ප්‍රදානය කරමින් ඔවුන්ට සුබපැතුම් එක් කළේය.

ජාතික මට්ටමේ ක්‍රීඩකයින් 500 කට අධික පිරිසක් බිහි කරමින් තවත් බොහෝ ක්‍රීඩකයින්ට දායකත්වය දක්වන රටේ විශාලම සංවිධානය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි. එම ක්‍රීඩකයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළින් බිහිවී ජාත්‍යන්තර මට්ටමින් විශිෂ්ට ජයග්‍රහණ ලබා වසර ගණනාවක් පුරා රටට සහ යුද්ධ හමුදාවට කීර්තියක් හා ගෞරවයක් අත්කරදී ඇත. එම ක්‍රීඩකයින් අතරින් 99% ක් ග්‍රාමීය මට්ටමින් යුද්ධ හමුදාවට එක්වී ක්‍රීඩා කෞෂල්‍යය දියුණු කරගත් ක්‍රිඩකයින් වීම විශේෂත්වයකි.

අවසන් මහා තරඟායේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහභාගී වූ අතර යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව අවසන් මහා තරඟය සඳහා එක්වන ක්‍රීඩකයින් හදුන්වාදුන්හ.

යුද්ධ හමුදාධිපතිතුමන් මාධ්‍ය වෙත අදහස් දැක්වු විඩියෝව පහතින් දැක්වේ. latest Nike Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov