Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th April 2018 22:00:46 Hours

‘මානුෂීයවාදී නීතිය’ පිළිබඳ මධ්‍යම භට පිරිස් දැනුවත් කෙරේ

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය, මානව හිමිකම් හා මානුෂීයවාදී නීති අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ඒකාබද්ධව ‘මානව හිමිකම් හා මානුෂීයවාදී නීතිය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් බදාදා (04) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ‘ටෝච්’ සිනමා ශාලාවේ දී පවත්වනු ලැබීය.

මෙම පුහුණු දින වැඩසටහනේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ඌව පළාත් ප්‍රදේශීය සම්බන්ධිකරණ නිලධාරි ජගත් වික්රමසිංහ මහතා විසින් හරවත් දේශනයක් පැවැත්වූ අතර එහිදි යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ‘මානව හිමිකම් හා මානුෂීයවාදී නීතිය’ පිළිබඳ හරවත් තොරතුරු රැසක් දැනගැනීමට හැකියාව ලැබුණි.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත පැවති මෙම වැඩසටහන සඳහා නිලධාරින් 14 ක් සහ සෙසුනිලයින් 259 ක් සහභාගි වූහ.

url clone | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD