Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd February 2018 23:38:06 Hours

‘මානසික සුභ සාධනය’ පිළිබඳ දේශනයක් කිලිනොච්චියේදී

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ යෝජනාවකට අනුව, එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් රැකියා තෘප්තිය සහ මානසික යහ පැවැත්ම සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (1) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය, 66 වන සේනාංකය, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු ඒකකයන් නියෝජනය කරමින් නිලධාරින් 28 ක් සහ සෙසුනිලයින් 1063 ක් උදෑසන පැවැති වැඩසටහන සඳහා සහභාගි වූ අතර, සන්ධ්‍යාවේ පැවැති වැඩසටහන සඳහා 57 වන සේනාංකයේ සහ 65 වන සේනාංකයේ නිලධාරින් 33 ක් සහ සෙසුනිලයින් 857 ක් සහභාගි වූහ.

මෙම දේශනය කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආරාධනයකට අනුව මනෝවිද්‍යා උපදේශක වජිරා අනෝමා කුමාරි දිසානායක විසින් සිදුකරනු ලැබීය.

Best Nike Sneakers | Mens Flynit Trainers