Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th February 2018 18:54:17 Hours

‘මානව හිමිකම් හා මානුෂියවාදී නීතිය’ පිළිබඳ යාපනය භට පිරිස් දැනුවත් කෙරේ

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ආරාධනයකට අනුව එම ප්‍රදේශයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් සඳහා ‘මානව හිමිකම් හා මානුෂියවාදී නීතිය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පෙබරවාරි මස 15 සහ 16 යන දිනයනහිදි පවත්වනු ලැබීය.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති මෙම වැඩමුළුවේ දේශන සහාය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ රෝහිත ප්‍රියදර්ශන මහතා සහ ධනුෂ්ක චමිල මහතා විසින් ලබාදුන් අතර මෙම දෙදින වැඩමුළුවේ දේශනයන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට අධික පිරිසක් සහභාගි විය.

මෙම වැඩසටහන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානව අයිතිවාසිකම් සහ මානුෂියවාදි නීති ක්ෂේත්‍රය පිළිබඳ දැනුම වර්ධන කිරීමේ අරමුණින් පවත්වනු ලැබීය.

affiliate tracking url | Nike Shoes