Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2016 11:09:31 Hours

‘මධ්‍යම නව නිපැයුම්’ මහජන ප්‍රදර්ශනයට

21 වන සියවසේ යුද හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ තවත් එක් වැඩසටහනක් ලෙස ‘මධ්‍යම නව නිපැයුම්’ (Central Innoveta’) නිර්මාණාත්මක කුසලතා ප්‍රදර්ශණය මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් බදාදා (09) දින ආරම්භ කරනු ලැබීය.

එම ‘නව නිපැයුම්’ දැවැන්ත ප්‍රදර්ශණය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අදහසකට අනුව දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ සේවයේ නියුතු භට පිරිස්ගේ නිර්මාණ සහ කුසලතා ඉදිරිපත් කරන ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ ඉදිරිපත් කර ඇති එම නව නිපැයුම් ප්‍රදර්ශණයෙහි එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු භට පිරිස් විසින් ප්‍රදර්ශණ කුටි 25 ක් පමණ සකස්කර තිබුණි.

එම ප්‍රදර්ශනය විවෘත කිරීම මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ විසින් සිදු කරන ලදි.

පාසල් සිසුන්ට ද මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා අවස්ථාව උදා කර දී තිබුණි.

මෙම ප්‍රදර්ශණය විවෘත කිරීමේ අවස්ථාව සඳහා යුද හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරාල් ජී.ආර්.එච් ඩයස්, 112 බලසේනාවේ බලසේනාධිපති, අතිරේක දිසාපති, දියතලාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය සිසිර එදිරිවීර සහ ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය ඊ.ඩී.එන්.එස් අබේරත්න සහභාගි වූහ.

best Running shoes brand | GOLF NIKE SHOES