Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2018 21:20:45 Hours

‘ප්‍රචන්ඩ අන්තවාදය පිටුදැකීම’ යන තේමාව යටතේ 23 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු නිලධාරින් විසින් ඉදිරිපත් කරන ලද ඉදිරිපත් කිරිම් තුලින් නිලධාරින්ගේ දැනුම වර්ධනය වේ.

යුද්ධ හමුදාධිපති මහේෂ් සේනානායකගේ උපදෙස් පරිදි දිවයින පුරා සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින්ගේ වෘත්තීමය දැනුම සහ හැකියාවන් ඔප්නැංවිම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන වැඩපිලිවෙලට අදාලව නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පොතුවිල්හි ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු නිලධාරින් විසින් 24 සේනාංකය යටතේ සේවයේ නියුතු සියළුම නිලධාරින්ගේ දැනුම වර්ධනය කිරිම සඳහා ‘ප්‍රචන්ඩ අන්තවාදය පිටුදැකිමේදී සන්නද්ධ හමුදාවන්හි කාර්යභාරය’('Role of Armed Forces in Counter Violence Extremism') යන තේමාව යටතේ වෘත්තීමය ඉදිරිපත් කිරිම් දේශණ සැසියක් පවත්වන ලදී.

23 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථානයේ දී පැවැති මෙම පුහුණු සැසිය දේශණ හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත වු අතර නිලධාරින් 40 කුට වැඩි පිරිසක් මේ සඳහා සහභාගිවිය. 24 සේනාංකයේ සේනාංකාධිපති නියෝජනය කරමින් 241 බලසේනාවේ බලසේනාංකාධිපති කර්නල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මේ අවස්ථාවට සහභාගි වු නිලධාරින් හට දේශණ අවසානයේ පැවැති ප්‍රශ්ණ හා පිළිතුරු සැසිය තුලින් අදාල විෂයන් පිළිබඳ දැනුම වර්ධනය කරගැනිමට හැකිවිය.

Best Authentic Sneakers | NIKE RUNNING SALE