Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th June 2017 21:37:58 Hours

‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ වැඩසටහන මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේහි දී

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ පූර්ණ අධික්ෂණය යටතේ ‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ යනුවෙන් තවත් වැඩසටහනක් මැයි මස (31) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන ‘අඹ සෙවන’ පරිශ්‍රයේ දී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 116 සහ සෙසු නිලයින් 1030 ක් සහභාගි වූහ.

නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂීකා බ්‍රිගේඩියර් ඒ.එස්.එම්. විජේවර්ධන සහ කර්නල් රොෂාන් මොණරාගල ඇතුළු ශ්‍රී ලංකා ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ උපදේශක මඩුල්ලක් විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබීය.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් පරිදි කොළඹ යුද හමුදා රෝහලේ මුලිකත්වයෙන් මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වේ.

Running sports | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!