Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2017 09:02:27 Hours

‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ වැඩසටහන නැගෙනහිරට

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ මඟපෙන්විම යටතේ ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ වැඩසටහන් මාලාව යටතේ තවත් එක් වැඩසටහනක් එම ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී අඟහරුවාදා (14) දින පැවැත්විය.

මෙම වැඩසටහනේ අරමුණ වුයේ හෘද රෝග, දියවැඩියා සහ බෝ නොවන රෝග පිළිබඳව භට පිරිස් දැනුවත් කිරිමයි.

අනතුරුව සර්වාංගික විශේෂඥ වෛද්‍යවරයකු වන බ්‍රිගේඩියර් ඒ.එස්.එම්. විජේවර්ධන සහ විධායක සම්බන්ධිකරණ නිලධාරි වන මනෝ වෛද්‍ය කර්නල් ආර්.එම්.එම්. මොණරාගල විසින් මෙම වැඩසටහන් සඳහා දේශන සහය ලබා දුන්හ.

මෙහිදි 23 සහ 24 සේනාංකයන් හී සේනාංකාධිපතිවරුන්, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති ඇතුළු තවත් නිලධාරින් 84 දෙනෙක් සහ සෙසුනිලයින් 937 ක් දේශනය සඳහා සහභාගි වුහ.

bridgemedia | Women's Nike Superrep